Monday, October 7, 2024

General line - 0115112241

වගකීම ඉදිරියටත් ඉටු කරනවා




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සෑම විටම ගමන් කළ යුත්තේ ජනතාවාදී හා මානවවාදී ගමන් මගක බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

පක්‍ෂයක් ආලෝකමත් වන්නේ එම පක්‍ෂයේ වැඩ කරන පිරිසකගේ චරිත ලක්‍ෂණ අනුව බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

අද (10) පස්වරුවේ කළුතර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියාසිටියේ කුමන බාධක පැමිණියද මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම ඉදිරියටත් නොපිරිහෙළා ඉටුකරන බවයි.

2017-01-10-news-kaluthara