Tuesday, September 17, 2024

General line - 0115112241

පක්ෂ දේශපාලනයට ගැති නොවන තීන්දුවක් ගැනීමට මන්ත‍්‍රී විදුර සැරසෙයි




පක්ෂ දේශපාලනයට ගැති නොවී ජනතාව වෙනුවෙන් සේවය කළ හැකි නව වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක පවසනවා.

ඒ සම්බන්ධයෙන් ලබන 21 වෙනිදා සිය තීරණය ප‍්‍රකාශයට පත්කරන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.

ඇතැම් විට සිය මන්ත‍්‍රී ධුරය කැපකර හෝ නව වැඩපිළිවෙළ අරඹන බවයි විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තමන් දේශපාලන තීන්දුවක් ගන්නා බව විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රීවරයා මීට සතියකට පමණ පෙර ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.