Tuesday, September 17, 2024

General line - 0115112241

CSN නඩුවට විරෝධතා ගොණු කෙරේ




සී.එස්.එන්. නාලිකාවේ විකාශන අයිතිය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන්. පුද්ගලික සමාගම විසින් අභියාචනාධිකරණයේ ගොණුකර ඇති පෙත්සමට එහි වගඋත්තරකරුවන් විසින් අද (17) විරෝධතා ගොණු කෙරුණා.

මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව 04 ක්.

අද ගොණු කෙරුණු විරෝධතාවලට ප‍්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා පෙබරවාරි 16 වැනිදාට පෙර ගොණුකරන ලෙස අභියාචනාධිකරණය පැමිණිලි පාර්ශ්වයට නියෝග කළා.

ඒ දක්වා සී.එස්.එන්. නාලිකාවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් වෙනස් නොකර පවත්වා ගන්නා ලෙසයි වැඩිදුරටත් නියෝග කෙරුණේ.