පළාත් පාලන සීමා නීර්න කමිටුවේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාත් මේ වන විට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද (17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත බාරදුන්නා.
පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ වාර්තාව අද (17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දෙන බව කමිටු සභාපති අශෝක පීරිස් මීට පෙරද පැවසුවා.
එම වාර්තාව ඊයේ දිනයේ අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබුණ ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා වන නීතිඥ මිස්බා සතාර් ඊට අත්සන් නොතැබීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්දැමීමට සිදුවූ බව අශෝක පීරිස් පැවසුවා.
අද දිනයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා අත්සන් නොතැබුවද වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදීමටයි කටයුතු සූදානම් කර තිබුණේ.