Tuesday, September 17, 2024

General line - 0115112241

සමලිංගික විවාහ යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි




සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව හේතුවෙන් ඊයේ (17) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. දේශපාලන ආරංචිමාර්ග කියාසිටියේ අමාත්‍යවරුන් රැසක් අදාළ යෝජනාවට විරෝධය පළ කර ඇති බවයි.

මානව හිමිකම් පිළිබද කි‍්‍රයාකාරී සැලැස්මට අනුව අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින්. කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත්විමත් සමග එහි ඇතුළත් වගන්ති ගණනාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් රැසක් විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව එම සැලැස්මේ සදහන් සමලිංගික සේවනය වරදක් නොවන බවට වන වගන්තිය ඇතුළු මෙරට සංස්කෘතියට හානිකර සියලූ වගන්ති ඉන් ඉවත් කර අදාළ කි‍්‍රයාකාරී සැලැස්ම යළි සකස් කිරීමට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.