Tuesday, September 17, 2024

General line - 0115112241

‘‘පෙරළියක ඇරඹුම’’ට පොලිසියෙන් අවසර




ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන කරන ‘‘පෙරළියක ඇරඹුම’’ ආණ්ඩු විරෝධී ජන රැළිය සදහා පොලීසියේ අනුමැතිය ලැබී තිබෙනවා. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ලබන 27 වනදා මෙම ජන රැළිය පැවැත්වීමට නියමිතයි. ශබ්ද විකාශන යන්ත‍්‍ර අදාළ පරිශ‍්‍රය ආවරණය වන පරිදි යෙදීමටද පොලිස් අනුමැතිය ලැබී තිබෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර වත්මන් ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන් නම් කරමින් ඒකාබද්ධ විපක්‍ෂය සකස් කරන ‘‘ ටොප් ටෙන් ’’ ලැයිස්තුවේ තවත් දෙදෙනෙකු අද (18) හෙළි කිරීමට නියමිතයි. මීට පෙර එම ලැයිස්තුවේ හතර දෙනෙකුගේ නම් හෙළි කෙරුණා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය රවී කරුණානායක, ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික‍්‍රම සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ඔවුන් හතර දෙනායි.

අද හෙළි කෙරෙන දෙදෙනා ඉකුත් ආණ්ඩුව විසින් සිදු කෙරුණු එයාර් බස් මිළදී ගැනීමේ ගණුදෙණුවක් අත්හිටුවීමේදී මූල්‍ය වංචාවක් සිදුකර තිබෙන බවයි ඒකාබද්ධ විපක්‍ෂය පවසන්නේ. එලෙස වංචා කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 120 ක් බවද ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙකු කියාසිටියා.