Tuesday, September 17, 2024

General line - 0115112241

අගමැති චීන ජනපති හමුවේ




චීන ජනාධිපති ෂී ජින්පිං සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (17) පැවැත්වුණා. ඒ, ස්විස්ට්ර්ලන්තයේ ඩාවෝස් නුවරදීයි. 2017 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුකර තිබෙනවා.

මේ අතර ශී‍්‍ර ලංකාවට අඛණ්ඩව සහාය දැක්වීමට සූදානම් බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලී ජුආන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ යටිතල පහසුකම්, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ නාගරික සංවර්ධනය ඇතුළු ක්‍ෂේත‍්‍ර ගණනාවක් සදහා ආධාර සහ ණය පහසුකම් සැපයීමට තම බැංකුව සූදානම් බවයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියාසිටියා.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මෙතෙක් ලබාදුන් සහාය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. ඉදිරියටත් ශී‍්‍ර ලංකාව වෙත අඛණ්ඩව එම සහනය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.