Tuesday, September 17, 2024

General line - 0115112241

හමුදාවට භාරවූවන් අතුරුදන් යැයි කියා උතුරු පළාත් මන්ත්‍රීවරිය උපවාසයකට සැරසෙයි




යුද්ධය අවසන් සමයේ ආරක්‍ෂක අංශ වෙත භාරවූ පුද්ගලයින් පිරිසක් අතුරුදන්වීම සම්බන්ධයෙන් යළි අවධානය යොමු කරන්නැයි උතුරු පළාත් සභා මන්ති‍්‍රනී ආනන්දි සෂීදරන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ඊට ප‍්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව අපොහොසත්වන්නේ නම් ලබන ඉරිදා මාරාන්තික උපවාසයක් අරඹන බවයි ඇය සදහන් කළේ.

තම ස්වාමි පුරුෂයාද යුද්ධය අවසන් සමයේ ආරක්‍ෂක අංශ වෙත භාර වී ඇති බවත් ඔහු පිළිබදවද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැති බවද ආනන්දි සෂීදරන් සදහන් කළා. ඇගේ සැමියා වන එලීලන් නමැත්තා එල් ටී ටී ඊ සංවිධානය කි‍්‍රයාකාරිව පැවති සමයේ සන්නද්ධ අංශයේ නායකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.