Tuesday, September 17, 2024

General line - 0115112241

හිරේ ඉන්න පුතාට හොර බඩුවක් අරංගිය අම්මාත් මාට්ටු




රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තම පුත‍්‍රයාට සිම් කාඞ්පතක් ලබාදීමට උත්සාහ කළ බව කියන මවක් දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාව පරීක්‍ෂා කිරීමේදී පැළද සිටි පාවහන් යුගලයේ තිබී මෙය සොයා ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැණුණේ ගලේවෙල පහලදිග්ගල පදිංචි 53 හැවිරිදි කාන්තාවක්. බන්ධනාගාර නිලධාරීන් සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සදහා දඹුල්ල පොලීසියට භාරදී තිබෙනවා.