Tuesday, September 17, 2024

General line - 0115112241

නවක වදයට එරෙහි වූ විනිසුරු පුත‍්‍රයාට එල්ල වූ ප‍්‍රහාරය ගැන සොයයි




නවක වද සිද්ධියකට එරෙහි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට එල්ල වූ ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විශ්ව විද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

පහරකෑමට ලක්වූ සිසුවා අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයාගේ පුත‍්‍රයෙකු බවයි පොලිසිය පවසන්නේ.

පහරදීම සිදුකළ බව කියන සිසුන් 8 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය ද විමර්ශනයක් සිදුකරනවා.