රතුපස්වල ජනතාව සිදුකළ උද්ඝෝෂණයේදී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) දැනුම් දුන්නා.
එම උද්ඝෝෂණයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එහිදී ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
එම අවස්ථාවට හමුදා නිලධාරීන් කැඳවූයේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව ද අනුර සේනානායකගෙන් ප්‍රශ්න කළ බව අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.