දිවයිනේ ප්‍රදේශ රැසක නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට නෙත් එෆ්.එම්. රේඩියෝව දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ දැනටමත් ව්‍යාපෘතීන් ආරම්භ කර තිබෙනවා.
කහටගස්දිගිලිය මීමින්නාවල ගම්මානය සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය එහි එක් පියවරක්. ජල මූලාශ්‍ර දැඩි ලෙස දූෂ්‍ය වී තිබෙන මෙම ගම්මානයේ වැසියන් බොහෝ දෙනෙකු වකුගඩු රෝගවලට ද ගොදුරු වී සිටිනවා.
අදාළ පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට පවතින්නේ අවසන් අදියරේයි. තවත් දින කිහිපයකින් මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම නියඟයෙන් පීඩාවට පත්ව වගා හානි වූ ගොවීන් වෙනුවෙන් සහන සැලසීමට ද නෙත් එෆ්. එම්. රේඩියෝවේ දිරිය නෙත් වැඩසටහන තීරණය කර තිබෙනවා.
ඒ අනුව පීඩාවට පත් ගොවීන් වෙනුවෙන් ආධාර උපකාර කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මීට පෙර වසරවල පැවති නියං කාලගුණික තත්වයන්හිදී ද නෙත් එෆ්. එම්. රේඩියෝවේ දිරිය නෙත් වැඩසටහන යටතේ පීඩාවට පත් ගොවීන් වෙනුවෙන් ආධාර උපකාර සිදු කෙරුණා.
ඒ අනුව පීඩාවට පත් ගොවි ජනතාව සඳහා ආධාර උපකාර කිරීමට ඔබටත් මූල්‍යාධාර ලබාදීමට අවස්ථාව පවතිනවා. අදාළ මූල්‍යාධාර සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ හැකියි. ගිණුම් අංකය 000 460 002 117.