Thursday, April 25, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගෙන් තවත් දැඩි තීන්දුවක්




මෙක්සිකෝවේ සිට ආනයනය කෙරෙන භාණ්ඩ සදහා බදු පැනවීම කෙරෙහි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිඛෙනවා.

එයින් ලැඛෙන මුදලින් අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව හරහා තාප්පය ඉදිකිරීමටයි ට්‍රම්ප් සැලසුම් කර ඇත්තේ. මෙම තාප්පය ඉදිකිරීමට අදාළ නියෝගයට ඔහු ඉකුත් බදාදා අත්සන් තැබුවා.

ඒ, සිය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්. ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ යෝජිත තාප්පය වෙනුවෙන් මෙක්සිකෝව මුදල් වැය කරනු ඇති බවටයි.

එහෙත් තාප්පය ඉදිකිරීමට මුදල් ලබා නොදෙන බවට මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළා.

එමෙන්ම තාප්පයක් ඉදිකිරීමට ජනාධිපතිවරයා දුන් නියෝගය ද ඔහු හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සදහන්.