දුම්රිය මාර්ගය හරහා රේල් පීල්ලක් තබා කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට බරපතල අනතුරක් කිරීමට ගත් උත්සහයක් අද අලූයම ව්‍යර්ථ වී තිඛෙනවා.
කිසියම් පිරිසක් විසින් තලාව නගරය ආසන්නයේ දී පැරණි රේල් පීල්ලක් දුම්රිය මාර්ගය හරහා තබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පසුව දුම්රිය මාර්ගය හරහා දමා තිබූ රේල් පීල්ල දුම්රියේ වැදී ඉවතට විසි වී ඇති අතර වංගුවක් සහිත ස්ථානයක් බැවින් අනතුර වැළකී තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් තලාව දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් තලාව පොලිසියට දැනුම් දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව අදාළ ක්‍රියාව සිදුකළ පුද්ගලයින් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.