හොරණ කර්මාන්ත කලාපයේ ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළිත් වරක් මතභේදාත්මක තත්වයක් මතුව තිඛෙනවා.
ඉකුත්දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සාවද්‍ය බවට අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ නිවේදනයක් නිකුත් කිරීම ඊට එක් හේතුවක්.
එහෙත් නෙත් නිවුස් කළ විමසීමේ දී අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ තමන් සිදු කළ ප්‍රකාශයේ කිසිදු සාවද්‍ය කරුණක් නොමැති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසුවේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබූ බවයි.
අදාළ ව්‍යාපෘතිය සදහා අක්කරයක් රුපියල් සියයක මුදලකට ලබාදී ඇති බවට සඳහන් ප්‍රකාශය ද සාවද්‍ය බවයි එහි දැක්වෙන්නේ.
ආර්ථීක කළමනාකරණය සදහා වූ අමාත්‍ය මණ්ඩල අනු කමිටු රැස්වීම් කිහිපයකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ අනුමැතිය ලබාදී ඇති බවද අමාත්‍ය මලික් සමරවික්‍රම නිකුත් කළ නිවේදනයේ සදහන්.
හොරණ කර්මාන්ත කලාපයේ ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී සාකච්ඡාවක් පැවත්වීමට නියමිත බවට ද වාර්තා වනවා.