දුම්රිය කෞතුකාගාරයක් ඉදිකිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයට උපරිම සහාය ලබාදෙන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු පැවසුවේ දේශපාලනික හේතූන් මත සුළු පිරිසක් එයට විරුද්ධව වුවද දුම්රිය සේවකයන් බහුතරයක් එ් සඳහා සහායදීමට සූදානම් බවයි.
මහජන බැංකුවේ අනුග‍්‍රහය යටතේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර මෙම දුම්රිය කෞතුකාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.