Thursday, December 26, 2024

General line - 0115112241

ජනපති ආරක්ෂක ප්‍රධානියාගේ නිවසේදී පොලිස් සැරයන් මැරීයැයි කුඩ්ඩෙක් අල්ලයි




ජනාධිපති ආරක්ෂක අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහගේ පොළොන්නරුව නව නගරයේ පිහිටි නිවසට ඇතුළු වී, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රියැදුරකු ලෙස කළ පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අලූයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ එම සැරයන්වරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවසට ගිය අවස්ථාවේදී පිහියකින් ඇණ ඝාතනය කර තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගෙවල් බිඳුම් චෝදනාවන්ට සම්බන්ධ නඩු 4ක් අධීකරණයේ විභාග වෙමින් පවතින බවයි පොලීස් මූලස්ථානය පැවසුවේ.

පොළොන්නරුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි අයෙකු බවද පොලිස් මූලස්ථානය සඳහන් කළා.