සහල් ආනයනය කිරීමෙන් රට තුළ පවතින සහල් මාෆියාව බිඳ දැමීමට නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ සහල් ආනයනය කිරීමේදී පනවා තිබූ බදු තවදුරටත් පහත දැමීමට ආණ්ඩුව ගනු ලැබූ තිරණය පිළිබඳ අදහස් දක්වමින්.
සහල් ආනයනය කිරීමේ දී පනවා තිබූ රුපියල් 15ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 5 දක්වා ඊයේ (27) මධ්‍යම රාති‍්‍රයේ සිට පහත දමන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා.
මෙම තීරණය හේතුවෙන් මෙරට ගොවි ජනතාවට තවදුරටත් අසීරුතාවන්ට මුහුණපෑමට සිදුවන බවයි නාමල් කරුණාරත්න වැඩිදුරටත් පෙන්වාදුන්නේ.