Thursday, December 26, 2024

General line - 0115112241

චීන සමාගම පොරොන්දු කඩ කරන බවට පෝර්ට් සිටි විරෝධීන්ගෙන් චෝදනා




කොළඹ වරාය නගරය ඉදි කිරීමේදී ආණ්ඩුව ලබාදුන් පොරොන්දු නොතකමින් චීන සමාගම එහි ඉදිකිරිම් සිදුකරන බව පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය පවසනවා. වෙරලේ සිට කිලෝමීටර් 10ක් ඇතීන් වරාය නගරය ඉදිකිරීමට අවශ්‍ය වැලි ලබා ගන්නා බවට දුන් පොරොන්දුව මේ වන විට කඩකර ඇති බවයි එම සංවිධානයේ කැඳවුම් කාර මණ්ඩලයේ නියෝජිත සරත් ඉද්දමල්ගොඩ පියතුමන් සඳහන් කළේ.

මේ හේතුවෙන් පාරිසරික ගැටලූ රැසක් මතුව ඇති බවයි සරත් ඉද්දමල්ගොඩ පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ.