Thursday, December 26, 2024

General line - 0115112241

ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණි පොලිස් සැරයන්වරයෙකු මරුට




ගම්පහ ප‍්‍රදේශයේ සිට ශ‍්‍රී පාද වන්දනාවේ ගිය පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා. ඒ, හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

මෙම පොලිස් සැරයන්වරයා පවුලේ ඥාතීන් සමග ශ‍්‍රීපාද වන්දනාවේ යෙදෙමින් සිටියදී රතුඅම්බලම ප‍්‍රදේශයේ දී හදිසියේ අසනීප වී තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් පිරිසක් හා ඥාතීන් විසින් මස්කෙළිය රෝහල වෙත රැගෙන යාමේදී ඔහු මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මියගිය මෙම පොලිස් සැරයන්වරයා අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ අයෙකු බව ද පොලිසිය සඳහන් කළා.