ප්රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි 43 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නිර්දේශ මතයි.
එම උසස්වීම් සඳහා ජාතික පොලිස් කොමිසන් සභාවේ ද අනුමැතිය ලැබී තිබෙනවා.
සේවා කාලය සහ කුසලතාව මත මෙම උසස්වීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
ඉකුත් දෙසැම්බර් මස 25 වනදා සිට උසස්වීම් ක්රියාත්මක වනවා. සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද පොලිස් නිලධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වේ.
ඊට අමතරව පොරොත්තු ලේඛනයේ ප්රධාන පොලිස් පරීක්ෂක නිලධාරීන් නව දෙනෙකු සිටින බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.