Thursday, September 19, 2024

General line - 0115112241

ට‍්‍රම්ප් මගින් ජිනීවා යෝජනාවල සැර අඩුකර ගැනීමට ආණ්ඩුවට අවස්ථාවක්




අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ගනු ලබන ඇතැම් තීන්දුවල වාසිය ශී‍්‍ර ලංකාව දෙසට හරවා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියෙකු වන දයාන් ජයතිලක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති ධුරයෙන් සැමන්තා පවර් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් අදහස් පළ කළ මෙවැනි නිලධාරීන්ට සිය ධුරයන් අහිමිවීම ශී‍්‍ර ලංකාවට වාසියක් කරගත යුතු බවයි දයාන් ජයතිලකගේ අදහස වූයේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙතෙක් ශී‍්‍ර ලංකාව පිළිබඳව ඍජු අදහස් පළ කිරීමක් සිදුකර නැතත් ආණ්ඩුව දැන් සිදු කළ යුත්තේ ඔහු සමග සුහද සංවාදයක් ඇති කර ගැනීම බවයි දයාන් ජයතිලක පවසන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ගේ නියෝගයකට අනුව ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් පළ කළ අමෙරිකානු නිලධාරීන් කිහිප දෙනෙකුට ද ඔවුන්ගේ ධුර අහිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.