Thursday, September 19, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ සමීපතමයෙක් ළඟදීම දිවයිනට




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සමීපතමයෙකු වන ශලාබා ශල්‍යකුමාර් නමැත්තා ළඟදීම දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

ඔහු කර්මාන්ත ක්ෂේත‍්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු බවයි පැවසෙන්නේ. ඔහු ශ‍්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින්ග් සන්දුගේ ද හිතවතෙක්.

චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවට ද වාර්තා පල වනවා.

ඔහු සම නිෂ්පාදනය කළ ‘‘ගෝස්ට් කාන්ට් ඩූ ඉට්’’ චිත‍්‍රපටයේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් චරිතයක් ද නිරූපනය කර තිබුණා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉදිරි වසරේ හෝ දෙකේ දී ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි.

16441644_10154879070252092_1500234469_n