Thursday, September 19, 2024

General line - 0115112241

නියඟයෙන් මොණරාගල බඩ ඉරිඟු වගාවට දැඩි හානි




නියඟය හේතුවෙන් මොණරාගල දිසති‍්‍රක්කයේ බඩ ඉරිඟු ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

බඩ ඉරිඟු වගාවෙන් වැඩි ප‍්‍රමාණයක් දැනටමත් විනාශ වී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

බඩ ඉරිඟු වැඩි වශයෙන් වගා කරන මොණරාගල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම මෙම තත්ත්වය දක්නට ලැබෙනවා.

අනපේක්ෂිත ලෙස සිදු වූ තම වගා හානි හේතුවෙන් මේ වනවිට දෛනික ජීවිතය ගත කිරීම පවා දැඩි ගැටලුවකට පත්ව ඇති බවයි ගොවීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර නියඟයෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ ව්‍යාපෘතියක් දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර පැවති නියං කාලගුණ තත්වයන්හීදීද දිරිය නෙත් වැඩසටහන යටතේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ගොවි ජනතාවට ආධාර උපකාර සිදු කෙරුණා.

ඒ අනුව මෙවරත් ඊට සම්බන්ධ වීම සඳහා නෙත් එෆ්. එම්. ශ‍්‍රාවක ඔබට ද දැන් අවස්ථාව උදා කර දී තිබෙනවා.

ඔබගේ මූල්‍යාධාර සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ හැකියි. ගිණුම් අංකය 000 460 002 117.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ මෙම දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සමග ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, සිවිල් ආරක්ෂක බලකාය සහ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ වූ පාසල් ද මේ වනවිටත් එක්ව සිටිනවා.