Thursday, September 19, 2024

General line - 0115112241

මිලියන 111කට අධික විදෙස් මුදල් සමග ශ‍්‍රී ලාංකිකයෙකු රේගු අත්අඩංගුවට




රුපියල් මිලියන 111 කට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරු සතුව තිබී තවත් රුපියල් මිලියන 10ක මුදලක් ද සොයාගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක ධර්මසේන කහඳව ප‍්‍රකාශ කළේ.

සිය ගමන්මල්ලේ සඟවා ඔහු මෙම මුදල් ඩුබායි බලා රැගෙන යාමටයි උත්සහා දරා ඇත්තේ.

මේ අතර අමෙරිකානු ඩොලර් තිස්එක් දහසක මුදල් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ දැරූ ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.