Thursday, September 19, 2024

General line - 0115112241

ළමුන් තිදෙනෙකුට මරු කැඳ වූ කල්මුණේ අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට (UPDATE)




කල්මුණේ සයින්දමරදු ප‍්‍රදේශයේ අද (30) අලුයම සිදු වූ රිය අනතුරෙන් මියගොස් ඇත්තේ ළමුන් තිදෙනෙකු බව පොලිසිය පවසනවා.

අම්පාර දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.

අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථ රියදුරු ඇතුළු 19 දෙනෙකු කල්මුනේ අශ්රෝෆ් රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් අතර කල්මුනේ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

kalmune www.nethnews.lk001 kalmune www.nethnews.lk002 kalmune www.nethnews.lk003 kalmune www.nethnews.lk004 kalmune www.nethnews.lk005 kalmune www.nethnews.lk006


කල්මුනේ අනතුරකින් තිදෙනෙක් මරුට – 10 ක් රෝහලේ

Jan 30, 2017 @ 08:05

කල්මුනේ සයින්දමරදු ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී අද (30) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා කල්මුනේ අශ්රොෆ් අනුස්මරණ රෝහලට ඇතුළත් කෙරුණා.

කල්මුනේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.