Thursday, September 19, 2024

General line - 0115112241

දේශද්‍රෝහීන් කළ මුස්ලිම් නායකයින් දේශපේ‍්‍රමීන් ලෙස නම් කරන්නැයි රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි




යටත් විජිත සමයේ බි‍්‍රතාන්‍යයට එරෙහි අරගලයේ දී දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති මුස්ලිම් නායකයින් ද දේශපේ‍්‍රමීන් ලෙස ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කළ යුතු බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වර්ෂ 1796 සහ 1948 දක්වා කාලය තුළ අරගලයට එක්වූ සිංහල නායකයින් පිරිසක් දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අවලංගු කරනු ලැබ ඇති බවයි.

එහෙත් අරගලයට එක්වූ ත‍්‍රීකුණාමලයේ සහ මඩකලපුවේ ජීවත් වූ මුස්ලිම් නායකයින් හත් දෙනෙකු තවදුරටත් දේශද්‍රෝහීන් ලෙස නම්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බි‍්‍රතාන්‍යයට එරෙහිව අරගල කළ මෙම නායකයින් දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ද අවලංගු කරන ලෙසටයි ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ.