Thursday, September 19, 2024

General line - 0115112241

හම්බන්තොට සිද්ධියේ 25 ක් යළිත් ඇතුළට




හම්බන්තොට දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 29 දෙනාගෙන් 25 දෙනෙකු පෙබරවාරි මස 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් අද (30) පෙරවරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම සිද්ධියේ රිමාන්ඩ් භාරයේ සිටි හතරදෙනෙකුට සුවිශේෂී කරුණු මත මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදුන්නා.

ඊට අමතරව මීට පෙර නඩු වාරවලදී ඇප ලබාදුන් සැකකරුවන් 10 දෙනෙකුද අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි බවද සඳහන්.