Thursday, September 19, 2024

General line - 0115112241

තිදරු මව ගෙල කපා ගනී




තමන් විසින්ම තියුණු ආයුධයකින් ගෙළ කපා ගත් බව කියමින් රෝහල් ගත වූ කාන්තාවක් බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මිය ගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු මවක්.

ඇය මෙලෙස සිය ගෙල කපා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන්ගෙන්, පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.