Thursday, September 19, 2024

General line - 0115112241

චීනයට එරෙහි ලංකාවේ විරෝධතා ගැන චීනයෙන් ප්‍රතිචාර




චීන ආයෝජකයන්ට පමණක් වෙන්වූ විශේෂිත ආයෝජන කලාපයක් ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා රජයට බලපැම් කර හෝ ඉල්ලීමක් කර නොමැති බව චීන රජය අවධාරණය කරනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකා හුවා චුන්යින් මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ එරට පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින්.

හම්බන්තොට ප‍්‍රදේශයේ චීන ආයෝජන කලාපයට එරෙහිව ඉකුත්දා පැවති විරෝධතා සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය කුමක්දැයි  අදාළ මාධ්‍යවේදියා විමසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කර ඇත්තේ චීන ආයෝජනවලට පමණක් වෙන්වූ විශේෂිත ආයෝජන කලාපයක් ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කර ඇත්ද යන්නයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව සඳහන් කර ඇත්තේ චිනය කිසිවිටෙකත් එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බවයි.

ඇතැම් පාර්ශ්ව නොදැනුවත්කම හේතුවෙන් සුළු විරෝධතා පැවැත්වුවද ශ‍්‍රී ලංකා රජය ඒ පිළිබඳ නිළ පැහැදිලි කිරීමක් කර ඇති බවද චීන ප‍්‍රකාශිකාව සඳහන් කළා.

දිගුකාලින මිතුරෙකු වන  ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන්  ඕනැම සහයක් ලබා දිමට චීනය සුදාමන් බවත් චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.