දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (31) සිට ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ උතුරු ප්‍රදේශයට උදෑසන කාලයේ සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණ තත්ත්වයක් බලපවත්වන බවයි.
සබරගමුව මධ්‍යම සහ බස්නාහිර යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් පස්වරුවේ වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.