Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෝක කුසලානයේ පළමු ජය ලබයි (UPDATE)




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම තමන් සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 214 ක ජයක් හිමිකරගත්තා.

ඒ, නවසීලන්ත දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 334 ක් රැස්කළා.

දෘෂ්‍යාබාධිත නවසීලන්ත කණ්ඩායමට  නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 120ක් පමණයි.


ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන් ඉන්දියාව හොල්ලයි

(Jan 31, 2017 @ 13:32)

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 යි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග දැන් පැවැත්වෙන තරගයේදී ශතක වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 334ක් ලබා ගැනීමට සමත්වුණා.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රුවන් වසන්ත පන්දු 69කදී ලකුණු 170 ක් රැස්කළා. සුරංග සම්පත් පන්දු 53කදී ලකුණු 146ක් ලබා ගත්තා. තරගය පැවැත්වෙන්නේ දිල්ලි නුවරදීයි.

01 02