Tuesday, December 24, 2024

General line - 0115112241

විමල් ඇප ඉල්ලයි




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කොළඹ මහාධිකරණය හමුවේ අද (31) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය ලබාදුන් තීන්දුව ප‍්‍රතිශෝධනය කර ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනුකර තිබෙනවා.

එම පෙත්සම පෙබරවාරි මස 6 වෙනි දින කොළඹ මහාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. මන්ත‍්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් යටතේයි.