සී ෂෙල්ස් රටෙහි ධීවර ක්ෂේත්‍රයේ පවතින රැකියා සඳහා වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට එරට මහකොමසාරිස් ඩේවිඩ් පියරේ කැමැත්ත පළ කර තිබෙනවා.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ සී ෂෙල්ස් රාජ්‍යයේ මහකොමසාරිස් ඩේවිඩ් පියරේ අතර අද (31) පැවති සාකච්ජාවකදී ඔහු ඒ බව පවසා තිබෙනවා.
දෙරටේ ධීවර කර්මාන්තය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද එරට ධීවර ක්ෂේත්‍රයේ විද්වත් දැනුමද ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බවද මහ කොමසාරිස්වරයා පවසා තිබෙනවා.
ලොව විශාලතම ටින් මාළු කර්මාන්තශාලාවක් සිය රටේ ඇති බවත් එහි වැඩි වශයෙන් සේවය කරන්නේ පිලිපීන ජාතිකයින් බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.