විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් යාපනයේ විවෘත කළේ කුමන පදනමකින්දැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන අද (31) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ සම්ප්‍රදාය කඩ කරමින් විදේශ අමාත්‍යවරයා විසින් මෙවැනි ක්‍රියාවක් සිදු කළේ ඇයිදැයි හෙළි කළ යුතු බවයි. විදේශ අමාත්‍යාංශය සමග ඝෘජුව සම්බන්ධතා පවත්වාගත හැකි තත්ත්වයක් තිබියදී මෙවැනි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් යාපනයේ විවෘත කර ඇති බවද පැවසුවා.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට යළි කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. රාජ්‍ය සේවකයින්ගේ ආත්ම ගරුත්වය සම්බන්ධයෙන් වර්තමානයේ බරපතළ ගැටලු නිර්මාණය වී ඇති බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.