මෙරට වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය රැකගැනීම වෙනුවෙන් ගත යුතු සියලු කි‍්‍රයාමාර්ග ගැනීමට පසුබට නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම්වලට පවා යොමු වීමට සිය සංගමය සූදානම් බවයි.
මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද (31) ලබාදුන් තීන්දුව පිළිබඳ අදහස් දැක්වීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා මාලඹේ සයිටම් ආයතනයට නීත්‍යානුකූල අයිතියක් ඇති බවට අභියාචනාධිකරණය අද තීන්දු කළා. ඒ, එම ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනුකර තිබූ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.
විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මගින් මෙම තීන්දුව ලබාදුන්නා.
පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් එළඹෙන බ්‍රහස්පතින්දා කැඳවා තිබෙනවා.
එහිදී ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගන්නා බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.