මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබීම නිසා, එය නිර්මාණය කිරීමට ශ‍්‍රමයෙන් හා ධනයෙන් කැප වු වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු වෙත තම සුබ පැතුම් එක් කරන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පැවසුවා.
අද (31) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ආයතනය විශ්වවිද්‍යාල උපාධි පිරිනමන ආයතනයක් ලෙස ගැසට් කළේ තමන් බවයි.
මේ තුළින් මෙරට සිටින දහස් ගණනක් සිසුන් තම මුදල් වියදම් කරමින් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට විදේශ බලා යෑමට සිදුකරන අති දුෂ්කර ක‍්‍රියාවලිය අතහැර මෙරට තුළදී ලෝකයේ පිළිගත් උපාධියක් ලබා ගැනීමේ පහසුව ඇති කර තිබෙන බවයි.
ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල ලක්ෂ 4 හමාරක් සිසුන් ඉගෙන ගන්නා අතර ඔවුන්ට දේශීය විශ්වවිද්‍යාල සඳහා අයඳුම් කිරීමට කිසිඳු අවස්ථාවක් හිමි නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “වෛද්‍යවරුන්ගේ සංගමය එල්ල කරපු සියලු චෝදනා සහ ගර්ජන නිෂ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා සයිටම් එකේ උපාධිදාරී දරුවන්ව වෛද්‍යවරු හැටියට ලියාපදිංචි කරන්න. ලියාපදිංචි කරන්න බැහැයි කියලා කියන්න වෛද්‍ය සභාවට අයිතියක් නැහැ. මම අද ඉතාම සතුටින් ඉන්නේ.” යනුවෙනි.