Thursday, September 19, 2024

General line - 0115112241

‘මම ඇමතිලාට බලපෑම් කරන්නේ නැහැ’




මහජනතාවට සේවාවන් සැලසීමේදී අමාත්‍යවරුන් ගන්නා තීරණවලට තමන් කිසිඳු බලපෑමක් සිදු නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජාතික දන්ත රෝහලේ පළමු අදියරේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සහ දෙවන අදියරේ ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම වෙනුවෙන් අද (31) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

තමා සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කළ කාලයේ තමාට අවශ්‍ය පරිදි වැඩකටයුතු කිරීමට හැකියාවක් නොතිබූ බවත් එහෙත් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එම නිදහස හිමි වී ඇති බවත් සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයාට පමණක් නොව සියලු අමාත්‍යවරුන්ට එම නිදහස අද තිබෙන බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.


මේ අතර ලෝකයේ දීර්ඝතම ගුවන්විදුලි ළමා වැඩසටහන් පෙළ (හඳමාමා හයවෙනි දශකය) වෙනුවෙන් සම්පාදනය කෙරුණු ”හඳ නැන්දා” ග්‍රන්ථය එහි රචක චන්දන තිලකරත්න විසින් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

හඳ නැන්දා නමින් හඳුන්වන සුමනා ජයතිලක මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියා.

1