Thursday, September 19, 2024

General line - 0115112241

සටන දැන් තවත් උණුසුම්




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (31) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී  වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් කියා සිටියේ “දැන් සමහරු මේ වෙලාවේ කියනවා..දැන් හරි..දැන් සටන විනාශ වෙලා ඉවරයි කියලා. අපි කියනවා..සටන ඉවර නැහැ.. අධිකරණ තීන්දු දෙන්න පුළුවන්..තව ඕන තරම් තීන්දු ගන්න පුළුවන්..හැබැයි සටන නතර වෙලා නැහැ. දැන් අධිකරණයට අපහාස කළා කියලා මෙතන ඉන්න ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුව හෙට සිරගත කරන්නත් පුළුවන්. කොහොම වුණත් සටන දැන් තිබුණාටත් වඩා උණුසුම් වෙයි.”යනුවෙනි.