Thursday, September 19, 2024

General line - 0115112241

පස් සිද්ධියට කැණීම් ඉංජිනේරුවා මාරු කෙරේ




ආන්දෝලනයට තුඩුදුන් දිවුලපිටිය පස් ජාවාරම්කාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ අවසන් කරන තෙක් ගම්පහ දිස්ත්‍රික්ක බාර කැණීම් ඉංජිනේරුවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව මාරුකර යැවීමට ක්‍රියා කළ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍ය පරිසර අධිකාරියේ නිලධාරීන් අද (31) දිවුලපිටිය පස් කැපීමේ ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවා.

මෙහිදී සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණ වාර්තා ලැබුණු පසු ඊට අදාළ සුදුසු ක්‍රියා මාර්ග ගන්නා බවත්, පරීක්ෂණවලට බාධා නොවන ලෙස අදාළ ඉංජිනේරුවරයා මාරුකළ බවත් වැඩි දුරටත් සඳහන් කෙරුණා.