Thursday, September 19, 2024

General line - 0115112241

රන්ජන්ව තල්ලු කළේ කවුදැයි මරික්කාර් කියයි




රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

එහිදී “රන්ජන් රාමනායක කිසිසේත්ම සමාව ගත යුතු නැහැ. ඔහු පෙනී සිටියේ ජනතාවගේ මතය වෙනුවෙන්. මම දැක්කා රන්ජන් කියලා තියෙනවා ඔහු ඉල්ලා අස්වෙනවයි කියලා..මම කියන්නේ එතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ නැහැ. රන්ජන්ව ඒ සිද්ධිය දක්වා තල්ලු කරේ ප්‍රාදේශීය ලේකම්වරිය. එතුමා කණගාටුව ප්‍රකාශ කරනවා නම් ප්‍රාදේශීය ලේකම්වරියත් කණගාටුව ප්‍රකාශ කරන්න ඕනේ.” යනුවෙන්ද ඔහු පැවසුවා.