Tuesday, December 24, 2024

General line - 0115112241

යුද සමයේ ස්වේච්ඡාවෙන් ඉගැන්වූවන් වෙනුවෙන් ආණ්ඩුකාරවරයා පෙනී සිටී




යුද සමයේදී සහ  පසුව වසර ගණනාවක් ස්වේච්ඡාවෙන් ගුරුවෘත්තීයේ යෙදුනු උතුරු නැගෙනහිර ගුරුවරුන්ට උතුරු පළාත් ආණ්ඩුකාර වරයාගේ මැදිහත් වීමෙන් ස්ථීර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

උතුරු ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී.

උතුරු පළාතේ ගුරුවරු 1347 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවත් එහිදී 1124 දෙනෙකු ස්වේච්ඡාවෙන් උතුරු පළාතේ ගුරුවරුන් වශයෙන් සේවය කොට ඇති බවත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සඳහන් කළා.
කෙසේ වෙතත් ඉදිරි මස ඇතුළත අදාල ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

ස්වේච්ඡා පදනම යටතේ සේවය කළ කාලයේදී කැපවීමෙන් සිදු කරන ලද ඔවුන්ගෙන්  ස්ථීර පත්වීම් ලැබුනු පසුවද ඒ හා සමානව සේවයක් බලාපොරොත්තුවන බවයි රෙජිනොල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.