Saturday, December 21, 2024

General line - 0115112241

චීන – ලංකා වෙළඳ ගිවිසුම ස්ථිරයි




ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තැබීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම මෙම වසර ඇතුළත අනිවාර්යයෙන් අත්සන් තබන බව චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර වසර 65 කට අධික කාලයක් පුරා පැවති මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙම ගිවිසුම අත්සන් තබන බවයි.

චීනයේ බීජිං නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එළඹෙන මැයි මාසයේ දී චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිතයි. එහිදී අදාළ ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.