පොල් මිල ශීඝ‍්‍ර ලෙස ඉහළයාම නිසා බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් හෝ 15කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේළ සම්පත් සඳහන් කළේ රට තුළ දැවැන්ත පොල් හිඟයක් පවතින බවයි. පොල් අපනයනය කිරීම වහා නතර කළ යුතු බවද ඔහු ප‍්‍රකාශ කළා.
පවතින තත්ත්වය යටතේ රාජ්‍ය ආයතනවල බත් පැකට්ටුවක් රුපියල් පනහක් වැනි මිලකට ලබාදීමේ කිසිඳු හැකියාවක් නොමැති බවද ඔහු අවධාරණය කළා.