පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් පහර කෑ බව කියන ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයාගේ ඇසකට බරපතල තුවාල සිදුව තිබෙනවා.
වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ වම් ඇසට කඩිනමින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවයි. අදාළ බන්ධනාගාර ජේලර්වරයා ඉකුත්දා පහරකෑමට ලක්වූයේ උණවටුන ප‍්‍රදේශයේදීයි.
ඒ, රාජකාරී කටයුතු සඳහා සිවිල් ඇඳුමකින් සැරසී උණවටුන ප‍්‍රදේශයට බස් රථයකින් ගමන් කරමින් සිටියදීයි. අතරමග දී බස් රථයට ගොඩ වූ පුද්ගලයින් හය දෙනෙකු එච්. පී. හර්ෂණ නමැති මෙම බන්ධනාගාර ජේලර්වරයාට පහරදී තිබෙනවා.
පහරදීම සිදුකර ඇත්තේ ගාල්ලේ පැතුම් නමැති පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් බවටයි දැනට අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් පහරදීමට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මේ හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් දැඩි කලකිරීමෙන් පසුවන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා.