ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා සහ එස්. බී. දිසානායක ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ඊට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.
දූෂණ චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
එම අමාත්‍යවරුන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙහිදී එක්සත් ජාතික පක්ෂයෙන් දැඩිව ඉල්ලා තිබෙනවා.
විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන ටොප්ටෙන් ලේඛනයට ඇතුළත් වන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි මෙහිදී පෙන්වා දී ඇත්තේ.