Friday, September 20, 2024

General line - 0115112241

විගණකාධිපතිගෙන් යළිත් ප්‍රකාශයක්




මහජනතාවගෙන් සැඟවීමට තමන්ට කිසිවක් නැතැයි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ඔහුට එල්ල කරන චෝදනා පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියා.

විනිවිදභාවය සහ යහපාලනය අතර කිසිසේත් ගැටුමක් ඇතිවිය නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

මුදල් අමාත්‍යවරයා විසින් සිදු කරන චෝදනා පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළේදැයි නෙත් නිවුස් මෙහිදී විගණකාධිපතිවරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තරම් විශේෂත්වයක් එම සිද්ධියේ නොතිබූ බවයි. තමා සිටින්නේ පාර්ලිමේන්තුවේ සහයට බවද සඳහන් කළා. විගණකාධිපතිවරයෙකුව මෙලෙස විවේචනයට ලක්වන පළමු අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළා.

පුද්ගල අවශ්‍යතා මත තමන් කිසිවිටෙකත් තීන්දු තීරණ නොගන්නා බවයි විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් අවධාරණය කළේ.