Friday, September 20, 2024

General line - 0115112241

කුසල්ගේ නිවස කොල්ලකයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අයත් ගොරකානේ පිහිටි නිවස සොරු බිඳ තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ගේ පියා නෙත් නිවුස් වෙත කියා සිටියේ කුසල්ගේ උපන් දිනය යෙදී තිබූ දිනයේදීම මෙම සොරකම සිදුව ඇති බවයි.

නිවසේ තිබූ රන් මුදු 06ක්, රන් වළලු 03 ක්, මාල දෙකක් සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

ඊට අමතරව කුසල් මෙන්ඩිස්ගේ මාලය සහ පෙන්ඩනය ද මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි කුසල්ගේ පියා සඳහන් කළේ. ගොරකාන පොලිසිය විමර්ශන මෙහෙයවනවා.

මෙම සිද්ධිය පිළිබඳව මේ වන තෙක් කුසල් මෙන්ඩිස් නොදන්නා බවත් ඔහුව දැනුවත් කිරීමට පවුලේ අය කටයුතු නොකළ බවත් කුසල්ගේ පියා සඳහන් කළා.

කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටිනවා.