Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉවත් වෙයි




හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානය වෙත භාර දී ඇති බවද සඳහන්දේ.

කෙසේවෙතත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුවද ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකදීම පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි පැවසුවා.

නෙත් නිව්ස් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.