Friday, September 20, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරුවන් විදුලි මාෆියාවක් ගැන කියයි




රට තුළ පවතින විදුලි මාෆියාවට දේශපාලඥයින් වගකිව යුතු බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති අතුල වන්නිආරච්චි සඳහන් කළේ ඉතා උසස් තාක්ෂණයෙන් යුත් පරිසර හිතකාමී තාප බලාගාර ඉදිකිරීමේ කටයුතු හිතාමතා ප‍්‍රමාද කිරීමට ආණ්ඩුවේ දේශපාලන බලධාරීන් කටයුතු කරන බවයි.

ඞීසල් විදුලි බලාගාර ඉදිකිරීමට ආණ්ඩුව උත්සහ දරන්නේ නම් ඊට තම සංගමය තවදුරටත් විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පරිසර දූෂණය වැනි කරුණු පෙන්වා දෙමින් අඩු වියදම් බලාගාර ව්‍යාපෘති තවදුරටත් ප‍්‍රමාද කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවද විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි එහිදී අවධාරණය කළා.